ජපාන ආරක්‍ෂක ඇමති ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාවේ සංචාරයක නිරත වෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් ආරක්‍ෂක අමාත්‍ය, කෙන්ජි හරදා (Kenji Harada) මහතා ( ජූලි 26) ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාවේ සංචාරයක නිරත විය.

එහිදි, නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රීලංනානෞ ‘ගජබාහු’ නෞකවේ අණදෙන නිලධාරි, කපිතාන් රෝහිත අබේසිංහ විසින් නෞකාව වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව, අණදෙන නිලධාරි විසින් ‘ගජබාහු’ නෞකාවේ ව්‍යුහය සහ නෞකාවේ කාර්යභාරය සම්බන්ධයෙන් අමාත්‍යතුමා දැනුවත් කිරීමට කටයුතු කළ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති, අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සහ ජපන් රාජ්‍ය නියෝජිතයින් පිරිසක් සහ නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ. මෙම චාරිකාවාරය සනිටුහන් කරනු වස් අණදෙන නිලධාරි කපිතාන් අබේසිංහ සහ ජපන් ආරක්‍ෂක අමාත්‍ය, කෙන්ජි හරදා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top