INDIAN NEWS

දෙසැ. 30ට පසු තම සැලස්ම වැරදියි යැයි සනාථ වුයේ නම් ඔනෑම දඞුවමකට සූදානම් – මෝදි

මෝදිවසර 70ක් වංචාවල යෙදී සිටි පුද්ගලයන්ගෙන් තම ජීවිතයට තර්ජනයක් ඇති වී තිබෙන බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

ඊයේ දින ගෝවාහි පැවැති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව පවසා තිබේ. තමන් උඞගුකමින් රුපයලේ නෝට්ටු අවලංගු නොකළ බවත්, ජනතාවගේ දුක වටහා ගැනීම හේතුවෙන් රටේ දූෂණය තුරන් කිරීම සඳහා මෙවැනි තීරණක් ගත් බව පවසා තිබේ.

රටට සේවයක් කළ යුතුයි යන අරමුණින් තමා පවුල සහ නිවස අත්හැර පැමිණි බවත්, නීති විරෝධී ලෙස මුදල් සංචිත සඟවාගෙන බදු රැහැනින් මිදී සිටියවුන් නීතියේ රැහැනට හසුකර ගත යුතු යැයි ජනතාව ඉල්ලා සිටින විට එයට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටින්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්ණ කර තිබේ.

දින පනහකට රටේ ජනතාව සහාය ලබාදුන්නේ නම් රට වෙනස්කර පෙන්වන බවත්, වංචා දූෂණ සිදුකළ පුද්ගලයන් කව්රුන්දැයි ප්‍රසිද්ධ කරන බවත්, දෙසැම්බර් 30ට පසු තමන්ගේ මෙම සැලස්ම වැරදියි කියා සනාථ වුයේ නම් ඔනෑම දඞුවමකට සූදානම් බවද මෝදි වැඩිදුරටත් පවසා තිබේ.