SRILANKAN NEWS

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා

මාර්ගරත්නපුර – මොරගහයට පිහිටි පාලමේ සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අද සහ හෙට යන දෙදින රාත්‍රී 11 සිට පසුදින අළුයම 6 දක්වා සීමා කරන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ සිට බදුල්ල සහ ඇඹිලිපිටිය දක්වා එම මාර්ගය භාවිතා කරන රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලීසිය ඉල්ලා සිටින්නේ.