ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශයට භූ කම්පනයක්

japan-fukushimaජපානයේ ෆුකුෂිමා ප්‍රදේශය ආශ්‍රිතව අද අලුයම රිච්ටර් මාපාංක 7.4ක ප්‍රබල භූ චලනයක් සිදුව ඇති බව වාර්තාවේ.

භූ චලනයෙන් අනතුරුව ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබූ අතර, ෆුකුෂිමා වෙරළ තීරය ආශ්‍රිතව සිටින ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ෆුකුෂිමා නාගරික බලධාරීන් දැනුම් දී තිබේ.

‍ෆු‍කුෂිමා න්‍යෂ්ටික බලාගාරයට සුනාමි රළ ‍ගසා ඇති බවත්,එයින් හානි සිදුවිය හැකි බව ද වාර්තාවේ. 2011 වර්ෂයේදී ද ෆුකුෂිමා ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක් හට ගත් අතර එහිදී ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට ද දැඩි හානි සිදු විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top