හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමට කොළඹ මහාධිකරණයෙන් අද (22) ඉල්ලීමක් කර තිබේ.
දියවැඩියාව සහ හෘද රෝගයකින් පෙලෙන හෙයින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දෙසැම්බර් 10 වැනි දා සිට මාර්තු 02 වැනි දා දක්වා මාස 3ක කාලයකට ඇමරිකාවට යාම සඳහා මෙලෙස අවසර ඉල්ලා තිබේ.
පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගමන් තහනමකට ලක්ව සිටියි.
කෙසේ වෙතත් අදාළ ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළ කර තිබෙන අතර, අදාළ විරෝධතා සලකා බැලීම සඳහා මෙම මෝසම ලබන 25 වෙනිදා කොළඹ මහාධිකරණයේදී යළි කැඳවීමට නියමිතයි.
Add Comment