වාහන පැවරුම් සහතික නීත්‍යනුකූල කර ගැනීම සඳහා ලබා දුන් සහන කාලය දෙසැම්බර් 31 දා තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
එම සහන කාලය අද (30) අවසන් වීමට නියමිතව තිබූ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් මත මෙම සහන කාලය දීර්ඝ කර තිබේ.
මෙම සහන කාලය තුළ පැවරුම් සහතික ලබා නොගතහොත් ප්‍රමාද වූ දිනකට රුපියල් 100 බැගින් මුළු කාලය සඳහාම දඩ අය කරන බව වාර්තාවේ.
Add Comment