යාපනයට බලපෑ දැඩි සුළගත් සමග ගසක් යතුරු පැදියක් මතට කඩා වැටීමෙන් තරුණයකු මියගොස් තිබේ.
සාවකච්චේරිය ප්රදේශයේ පදිංචි පූනගරි ගොඩනැගිළි දෙපාර්තුමෙන්තුවේ තාක්ෂණික නිළධාරියකු ලෙස සේවය කරන සච්චිදානන්දන් ගජන්දන් (වයස 30) නැමැති තරුණයා මෙලෙස මිය ගොස් තිබේ.
අද (01) පෙරවරුවේ සාවකච්චේරිය සිට සිය කාර්යාලය බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී සාවකච්චේරිය මාර්ගය අසල ගසක් ඔහු මත කඩා වැටීමෙන් සිද්ධිය ස්ථානයේදීම මියගොස් තිබේ.
Add Comment