SRILANKAN NEWS

ඕනෑම කෙනෙක්ට උතුර සහ නැගෙනහිරට යා හැකියි – ආරක්ෂක ලේකම්

කරුණාසේන හෙට්‌ටිආරච්චිඕනෑම පුද්ගලයෙකුට උතුරු නැගෙනහිර ප්‍රදේශවල වන්දනාමාන කටයුතුවල සහ සංචාරක කටයුතුවල නිරතවීමේ වටපිටාවක් සකස් කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගාල්ල, උළුවිටකේ මහ විද්‍යාලයේ පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මේ බව පවසා තිබේ.

උතුරු නැගෙනහිර ඇතුළු සියලු ප්‍රදේශවල ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බවත්, රටේ සියඑම ජාතීන්ට එකහා සමාන ලෙස ජීවත්විය හැකි පරිසරයක් ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යනු වැඩපිළිවෙට සම්පුර්ණ සහයෝගය ජනතාව විසින් ද ලබා දීමට කටයුතු කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.