SRILANKAN NEWS

ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්විය යුතුයි – සෙනෙවිරත්න

ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්නඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්විය යුතුයි යන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

හෙතම පෙන්වා දෙන්නේ නව ක‍්‍රමය සකස් කිරීමේ දී ඇති වූ ගැටළු රැසක් මේ වනවිට නිරාකරණය වී ඇති බවයි.මේ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ නව කොට්ඨාස ක‍්‍රමය යටතේ මැතිවරණය පවත්වන්නේ නම් ඊට ඉදිරිපත් වීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නොමැති බවයි.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ද අදහස් පළ කළා.ඔහු සඳහන් කළේ පැරණි ක‍්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් යම් ගැටඑවක් පවතින බව එක්සත් ජාතික පක්ෂය අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළ අතර නව ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තුළ බියක් ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටි. නව ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට සියලු පක්ෂ නායකයින් එකඟතාව පල කර ඇති බව ද ඔහු අවධාරණය කරමින් සඳහන් කර සිටින ලදි.