පාකිස්ථානයේ හෝටලයක ඇතිවූ ගින්නකින් 11ක් මරුට

pakistanපාකිස්ථානයේ කරාච්චි නුවර හෝටලයක අද (5) දින ඇතිවූ ගින්නකින් 11 දෙනෙකු මිය ගොස් තවත් 75 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ. කරාච්චි නුවර පිහිටි රිකන්ඩ් පිලාසා හෝටලයේ ඇතිවූ ගින්න හෝටලයේ හය වැනි තට්ටු දක්වා ව්‍යාප්තවූ බව පැවැසේ.

එහිදී කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 11 දෙනෙකු මිය ගොස් තවත් 75 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. හෝටලයේ රැඳී සිටි 100කට අධික පිරිසක් ඉවත් කර ඇති බවත්, දැනට ගින්න පාලනය කර ඇති බවද වාර්තාවේ. ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැති බව ද සඳහන්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top