ඉන්දු ලංකා ධීවර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැති ධීව හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ඉන්දියානු ධීවර ප්රශ්නය, තවම අපිට සම්පූර්ණ කරගැනීමට නොහැකි වී තිබෙනවා. අපි මේ අමාත්‍යාංශයට ආ වෙලාවේ සිට එක බෝට්ටුවක්, දැල් ආම්පන්න නිදහස් කළේ නෑ. වැටලීම් කටයුතු අඛණ්ඩව සිදු කළා. සියයට පනහකට වැඩි ප්‍රමාණයක් විසඳී තිබෙනවා. ඉන්දියාවේ ධීවර ඇමැතුමාත්, විදේශ අමාත්‍යතුමියත් සමඟ සාකච්ඡා පවත්වා, මෙම ගැටළුව සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කරනවා.
ජනවාරි මාසයේ ඉන්දීය ධීවර අමාත්‍යවරයා අතුළු පිරිසක් සම්බන්ධ වී සාකච්ඡා කිරීමට නියමිත අතර, ඒහිදී උතුරු කරයේ මති ඇමැතිවරු දේශපාලන අධිකාරියත් සම්බන්ධ කර ගැනීමට ද අපි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment