කතානායකගේ ක්‍රියා කටයුතු ගැන වාසුදේව අතෘප්තිය පළ කරයි..

වාසුදේවකථානායකවරයාගේ ක්‍රියා කටයුත් ගැන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අතෘප්තිය පළ කර තිබේ.

කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය පොලීසියට පාවාදී ඇතැයි හෙතෙම චෝදනා කර තිබේ. ඊයේ (05) දින බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.

නීතියේ මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව වැඩපිළිවෙළක් ගොඩනැගෙමින් තිබෙන බවත්, කථානායවරයා එහි හවුල්කරුවෙකු වී ඇති බවත් මේ තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත අනතුරක් සිදුව ඇතැයි වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top