ලොව විශාලම නත්තල් ගස යළි ඉදිවෙයි..

ගාලුමුවදොර පිටියේ ඉදිවෙමින් තිබියදී ඉදිකිරීම් අත්හිටවූ ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කර ති‍බේ.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපානන්ගේ ඉල්ලීමක් පරිදි එහි කටයුතු පසුගියදා නතර කර දැමුණු අතර එම නත්තල් ගසේ ඉදිකිරීම් නතර කර ඒ සඳහා වැය වන මුදල්වලින් දුප්පත් ජනතාවට සහන සලසන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේය.

මෙම නත්තල් ගසේ ඉදි කිරීම් සඳහා ඇස්තමේන්තු කර තිබූ මුළු වියදම රුපියල් ලක්ෂ 120 ක් පමණ වේ. ඉදිකිරීම් නවතා දමන විට ලක්ෂ 60ක පමණ මුදල්ක් වියදම් වී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top