හෙට 14 දින සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

හෙට (14) දින සිට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

දැනට පවතින වැසි සමය හේතුවෙන් මදුරු උවදුර අවම කර ගැනීමට කටයුතු කළ යුතු නිසා මදුරුවන් බෝවීම වැලැක්වීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් මෙම පියවර ගෙන ඇත.

මෙහිදී මදුරුවන් බෝවන පරිශ්‍ර ඉලක්කර ගනිමින් දැනට සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන ධූමායන කටයුතු තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.

මෙම ඩෙංගු මර්දන වැඩසටහනට සාපෙක්ෂව ලබන 14 වනදා සිට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද නිවෙස් වලට ගොස් ජනතාව දැනුම්වත් කිරීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top