නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සියළු පාර්ශවයන් විසින් විවිද අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක දෙමළ ජාතික සන්ධානය සිය පැහැදිළි ස්ථාවරය එහි නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළ යුතු යැයි ඊ,පී.ආර්.එල්.එෆ්. පක්ෂය ඉල්ලා තිබේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊ,පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ බව පවසා තිබේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සිංහල, දෙමළ හා මුස්ලිම් යැයි සියළු පාර්ශව විසින් විවිද අදහස් ඉදිරිපත් කරමින් සිටිති. නව ව්‍යවස්ථාව යනු දෙමළ ජනතාවගේ වසර 60ක අරගලයට විසඳුමක් ලෙස තිබිය යුතුයි යන්න සමස්ත දෙමළ ජනතාවගේම බලාපොරොත්තුව වේ. මෙම ව්‍යවස්ථාව පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ජනතාවට පැහැදිළිව ඉදිරිපත් කළ යුතු බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසා තිබේ.
Add Comment