ජනපති යළි දිවයිනට

තෙදින මැලේසියා නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරයේදී ශ්‍රී ලංකා මැලේසියා ද්වි පාර්ශ්වික සබඳතා නව මාවතකට ගෙන එමින්, දෙරට අතර ගිවිසුම් 05 කට ද අත්සන් තබා තිබේ.

ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකුට මැලේසියාවේ නිල සංචාරයක් සඳහා නිල ආරාධනාවක් හිමිවූයේ වසර 19 කට පසුව වීම විශේෂත්වයකි.

මැලේසියා අග‍්‍රාමාත්‍ය අබ්දුල් රසාක් මහතා සහ ජනාධිපතිතුමා අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡා ශී‍්‍ර ලංකාවට ආර්ථික ප‍්‍රතිලාභ රැසක් අත්කරදීමට සමත් වූ අතර ආසියාවේ ප‍්‍රධාන ගනුදෙනුකරුවෙකු වන මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක් ම ලබාදීමට එහිදී එකඟතාවය පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top