උතුර නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බව විග්නේෂ්වරන් අවධාරණය කරයි..

CV.Vigneswaran_CIශ්‍රී ලංකා රජයේ වගවීම, දේශපාලන විසඳුම, උතුර නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම වැනි කරුණු තුන සම්බන්‍ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව අද (09) දින යාපනයේ රැස්වූ දෙමළ මහජන සභාවේදී යෝජනාවක් සම්මත කර තිබේ.

යාපනය පොදු පුස්තකාල පරිශ්‍රයදී උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන්, යාපනය මූලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂක පි. ලක්‍ෂමන්, ටි. වසන්දරාජා යන පිරිසගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණි.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී දර්මලිංගම් සිද්ධාර්තන්, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික ජනතා විමුක්ති පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්පලම්, දෙමළ මහජන සභාවේ සමාජිකයන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top