ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස වෙනම තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැලණිය ආසන සංවිධායක තිලක් වරාගොඩ මහතා පවසා තිබේ.
2017 වසරේ මැයි මාසයට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරා මෙහෙයවන බව ද හෙතෙම පවසා තිබේ.
වෙනත් පක්ෂ සෑදීම මගින් මෙරට ආණ්ඩු බලය ලබාගත නොහැකි අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ දමා ආණ්ඩු බලය ලබාගැනීමට ඉතිහාසයේදී පවා නොහැකි වූ බව තිලක් වරාගොඩ මහතා වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment