ලබන වසරේ ආහාර හිඟයක් – එස්.බී. දිසානායක

මේ වසරේ පැවැති දරුණු නියඟය හේතුවෙන් ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති විය හැකි බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

පසුගිය (25දා) වලපනේ ලියන්වලදී කුරහන් වගා ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මෙම වසර දරුණු වසරක් බවත්, නියඟය නිසා කුඹුරු වගා කිරීම විශාල වශයෙන් අඩු වූ බවත් පැවසූ ඇමැතිවරයා මේ නිසා කුරහන් වැනි ධාන්‍ය වගා කිරීම ආහාර හිඟයට මෙන්ම ශරීර සෞඛ්‍යයට ඉතා යහපත් බවද පවසා තිබේ.

වී වගා කිරීම අඩු වී ඇති නිසා ආහාර හිඟයට මුහුන පෑම සඳහා හාල් ආනයනය කිරීමට සිදුවිය හැකි බවත් මේ වසරේ නියඟය විශාල වශයෙන් වී වගා කරන ඉන්දියාව, මියන්මාරය, ඉන්දුනීසියාව, හා පකිස්ථානය වැනි රට වලටද බලපෑ ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top