හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (26) කොළඹ පිහිටි පුද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) දින ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා මියයන විට වයස අවුරුදු 83කි.
1933 මැයි 5 වැනිදා උපත ලැබූ වික්‍රමනායක මහතා හොරණ ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිස ජනප්‍රිය නායකයකු ද විය. 2000 සහ 2001 වසරවල චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ පළමු වරට අගමැති පදවිය ලද ඒ මහතා 2005 මහින්ද රාජපක්ෂ රජයේ ද අගමැතිවරයා විය.
රත්නසිරි වික්‍රමනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු මෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන්ද කටයුතු කළේය.