යාපනය ශික්‍ෂණ රෝහලේ ළමා රෝහල ඉදිකිරීම සඳහා ඉඩම් ලබා දෙන්නැයි රෝහල් පාර්ශවයෙන් ඉල්ලීමක්..

මෙවර ඉදිරිපත් කළ 2017 සඳහා වූ අයවැයෙන් උතුරු පළාතේ ළමා රෝහලක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර තිබේ. එලෙසම නැගෙනහිර පළාතදී ද ළමා රෝහලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් රජය විසින් වෙන්කර තිබේ.

ඉකුත් ළමා රෝහල පළාතේ පිහිටි ශික්‍ෂණ රෝහලට යාබදව ඉදිකිරීමට නියමිත බැවින් යාපනය ශික්‍ෂණ රෝහල ආසන්නව මෙම ළමා රෝහල ඉදිකරනු ලැබේ. ඒ සඳහා ශික්‍ෂණ රෝහල් භූමියෙන් අක්කර 1.5ක පමණ ඉඩම් ප්‍රමාණයක් අවශ්‍යවී තිබේ. එම ඉඩම් ප්‍රමාණය ලබාදීමට සහායවන්නැයි රෝහල් පාර්ශවය ජනතාවගෙන් ඉල්ලා තිබේ.

ශික්‍ෂණ රෝහල ආසන්නයේ සිටින ජනතාව ඉඩම් පරිත්‍යාග කර ළමා රෝහල ඉදිකිරීමට සහාය ලබාදිය යුතු බවත්, තවත් මාස කිහිපයකින් එහි මූලික වැඩකටයුතු ආරම්භ නොකළේ නම් ළමා රෝහල සඳහා වෙන්කළ මුදල් වෙනත් ප්‍රදේශයකට යොමු කිරීමේ තත්වයක් පවතින බවද පෙන්වාදී තිබේ.

ශ්‍රී ලංකාවේ නවීන පහසුකම් සහිත ළමා රෝහල් පිහිටා තිබෙන්නේ කොළඹ සහ නුවර පමණක්වීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top