උතුරු පළාත් සභාව මෙතෙක් කෙටුම්පත් 337ක් සම්මත කරලා..

උතුරු පළාත් සභාව විසින් මෙතෙක් යෝජනා කෙටුම්පත් 337ක් සම්මත කර ඇති බව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ, සිවඥානම් මහතා පවසයි.

උතුරු පළාත් සභාවේ 74 වන සැසිවාරය ඊයේ (28) දින පැවැත්වුණි. එහිදී යෝජනා කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කළ අතර එයද සම්මත කෙරුණි. ඉකුත් කෙටුම්පත් දෙක සමඟ උතුරු පළාත් සභාව විසින් මෙතෙක් කෙටුම්පත් 337ක් සම්මත කර ඇති බව වාර්තාවේ. උතුරු පළාත් සභාවේ පළමු සැසිවාරය පසුගිය 2013 වසරේ ඔක්තෝම්බර් 25 වනදා ආරම්භවීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top