SRILANKAN NEWS

උතුරු පළාතේ වැඩබලන මහ ඇමතිවරයා ලෙස අයියන්කරනේසන්

උතුරු පළාතේ වැඩබලන මහ ඇමතිවරයා ලෙස උතුරු පළාත් කෘෂිකර්ම හා සමූපකාර සංවර්ධන ඇමැති පොන්නුතුරයි අයියන්කරනේසන් මහතා ඊයේ (3) දිවුරුම් දී තිබේ.

ඊයේ සවස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ ඔහු වැඩබලන ඇමැතිවරයා ලෙස සිය ධූරය භාරගත්හ.

උතුරු පළාත් මහ ඇමැති සි.වී. විග්නේෂ්වරන් මහතා, ලන්ඩන් සහ කැනඩාවේ සංචාරයක නිරතවන හෙයින් වැඩබලන මහ ඇමැතිවරයා ලෙස අයියන්කරනේසන් මහතා කටයුතු කරනු ඇත.