SRILANKAN NEWS

භූමිතෙල් ලීටරයක මිළ රුපියල් පහකින් පහළට

අයවැයෙන් යෝජනා කළ පරිදි භූමිතෙල් ලීටරයක මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් පහකින් අඩු කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව දැනට රුපියල් 49 ක් වන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 44 දක්වා අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශය ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම්දී තිබෙනවා.