යෝෂිතගේ කෝටි 15ක් සහ බැසිල්ගේ ඉඩම් 2 රාජසන්තකයි

Basil And Yosithaයෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 157 කට  අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා  අද (10) නියෝග කළේය.

C.S.N නාලිකාවට නීති විරෝධීව ආයෝජනය කළ තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් ශ්‍රී ලංකා මහබැංකුවේ තැන්පත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

C.S.N නාලිකාවේ රුපියල් මිලියන 234ක ප්‍රාග්ධනයෙන් කොටසක් ව්‍යාජ ගනුදෙනු හා නීති විරෝධි ආකාරයෙන් ද කුඩ ලේඛන මඟින් සාපරාධි ලෙස පරිහරණය කර ඇති බව පොලිසිය විසින් අධිකරණය වෙත දන්වා තිබේ. අදාල නඩුවට සම්බන්‍ධ යෝෂිත රාජපක්‍ෂ, සිඑස්එන් නාලිකාවේ රොහාන් වැලිවිට,කවිශාන් දිසානායක, වෛද්‍ය අශාන් ප්‍රනාන්දු හා නිශාන්ත රණතුංග යන සැකකරුවන් අප මත මුදා හැර සිටිති.

මේ අතර, හිටපු ආර්ථික සංවර්ධන කටයුතු ඇමැති බැසිල් රාජපක්‍ෂට අයිති බව කියන කඩුවෙල සහ මාතර ප්‍රදේශයේ පිහිටි ඉඩම් රජයට පවරා ගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව කඩුවෙල ඉඩමේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයක්ද මාතර ඉඩමේ සංචාරක පුහුණු මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top