රවිරාජ් ඝාතන තීන්දුවට එරෙහිව ඇපෑලක්

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ ආරක‍ෂක භටයා ඝාතනය සම්බන්ධයෙන් නිකුත් වු නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ඉකුත් ඝාතන සිද්ධියට සම්බන්‍ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත දමා යළි මුල සිට නඩුව විභාග කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඊයේ දින මෙලෙස අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

වසර දහයකට පෙර සිඳුවූ නඩරාජා රවිරාජ් ඝාතනය පිළිබඳ නඩු විභාගය විශේෂ ජූරි සභාවක් ඉදිරියේ සිදුකෙරුණු අතර සාක්ෂි විභාගය අවසානයේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට ජූරි සභාව ඒකමතිකව තීරණය කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top