SRILANKAN NEWS

උතුරු පළාත් මහ ඇමැතිට එරෙහිව පරීක්‍ෂණයක් අවශ්‍යයි – වී. විජයතිලක

SHOCK_CIඋතුරු පළාත් මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා පවසා තිබේ.

පළාත් සභාවේ සිදුවන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට නියමිත බව පැවැසේ. උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ උපදෙස් මත පළාත් අමාත්‍යවරුන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙලෙස විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

අදාළ විමර්ශනය අනුව පළාත් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතාට එරෙහිව ද විමර්ශණ සිදු කළ යුතු බව ඉල්ලා තිබේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභාවේ වගකිව යුතු අමාත්‍යංශ කිහිපයක් සිය බාරයට පත් කරගනිමින් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන බව ද පැවැසේ.