තෛයිපොංගල් දිනය අදයි – ඔබ සැමට සුබ තෛයිපොංගල් දිනයක් වේවා!

ලොව පුරා හින්දු බැතිමතුන් අද (14) තෛයිපොංගල් උත්සවය සමරනවා. ත්‍රෙයි මාසය නොහොත් දුරුතු මාසයේ පවත්වන තෛයිපොංගල් උත්සවය “අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති ආගමික සංස්කාතික මෙන්ම සමාජයීය වශයෙන් ගත් කළද අසිරිමත් උත්සවයක්.

පොංගල් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරනු ලබන ‘මකර සන්ක්‍රාන්ති’ සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුර යාම නොහොත් පිටාර ගැලීමයි”. හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පුද කරමින් හින්දු බැතිමතුන් සිය අස්වැන්න සරුසාර කර ගැනීමට දායක වූ වර්ෂාව, ගව මාංශ ආදී සතුන් ඇතුළු සමස්ත සොබාදහමට ස්තුතිය පළ කිරීමද මෙහිදී සිදු කෙරනවා.

සූර්ය වන්දනාවටද මෙහිදී හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයකි..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top