පිවිතුරු සිතින් සංහිඳියාව ඇති කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. අදට යෙදී තිබෙන තෛපොන්ගල් දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලාංකික ජනතාව අතර අවබෝධය, සහජීවනය ඇතිවී සාමයෙන්, සතුටින් පිරී සෞභාග්‍ය සපිරි රටක් ලෙස මේ රට සාර්ථකවීමට උදාවූ තෛ මාසය (දුරුතු මාසය) මඟ සලසාදිය යුතු බව හෙතෙම පවසා තිබේ.
තෛ මාසය ජනතාවට බලාපොරොත්තු රැසක් උදාකරන මාසයක් බවට පත්වී ඇති බවත්, ඒ අනුව ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිගු කාලීනව විසඳුමක් නොමැතිව පවතින ජාතික ප්‍රශ්ණයට සාධාරණීය සහ සදාකල් පවතින විසඳුමක් ලබා ගැනීමට මග පෙන්විය යුතුයි යන්න දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව බව හෙතෙම පෙන්වාදී තිබේ.
එය ලක් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස තිබිය යුතු බවත්, පිවිතුරු සිතින් ජාතික සංහිඳියාව ඇති කළ යුතු යැයි අද වැනි උතුම් දිනයක අපි විශ්වාසය තබමු යැයි සම්බන්ධන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment