SRILANKAN NEWS

ගෝඨාභය අපි කියන දේ ඇහුවේ නැහැ… – නීතීඥ ගෝමින් දයාශ්‍රී

යුධ ජයග්‍රණයෙන් පසුව යුද අපරාධ පිළිබඳව ඇති කරුණු සොයා බලා අදාල අධිකරණමය කටයුතු ශ්‍රී ලංකා රජය විසින්ම සිදු කරමු යැයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂ ලෙකම්වරයාට තමන් පැවසුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එය ගණන් නොගත්තේයැයි ජ්‍යෙෂ්ඨ ගෝමින් දයාශ්‍රී මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ පසුගියදා කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

එම උත්සවය සඳහා විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නීතීඥ ගාමිණී මාරපන මහතාද සහභාගී වී සිටි අතර එහිදි අදහස් දැක්වූ ගෝමින් දයාශ්‍රී මහතා පවසන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන ඉවත් කිරීමට තිබූ අගනා අවස්ථාවක් යුධ ජයග්‍රහණයත් සමග එළඹි නමුත් පැවති මහින්ද රාජපක්ෂ පාලන එය නොසළකා හැරිය බවය.

“13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගහැරීමට එක් අවස්ථාවක් ලැබුණා නමුත් එය අපගේ අතින් ගිලිහී ගියා. යුද්ධය ජයගත් විගසම අපි විසින් කරුණු දෙක්ක සම්පූර්ණ කළ යුතුව තිබුණා. යුද්ධය ජයග්‍රහණයෙන් පසුව මම ගෝඨාභය රාජපක්ෂ මහතාට කිව්වා ලෝකයා කතා කරන්න කලින් යුද අපරාධ පිළිබඳව නඩු අපිම අහමු කියලා. නමුත් එය කලේ නැහැ.

නමුත් යුද ජයග්‍රහණයෙන් අනතුරුව මහරජ කියලා රටපුරාම තොරණ් ගැහුවා. කාටවත් එහෙම කරන්න හොඳ නැහැ. එහෙම වුණාම මිනිසුන්ගේ ඔළුව නරක් වෙනවා. යුද ජයත් සමග ජනතාවත් නොමග ගියා. 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා පැරදුනේ ඇමෙරිකානු කුමන්ත්‍රණ නිසා හෝ ඉන්දීය කුමන්ත්‍රණ නිසා නෙවෙයි. එතුමන් පරාජයට පත්වුණේ ළඟ සිටි සේවකයන් සමූහයක් නිසයි” යැයි ගෝමින් දයාශ්‍රී මහතා වැඩිදුරටත් පවසා තිබේ.

– ලංකා ටෘෘත් –