ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකසා ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රැයන ශෙඩීක් නැමැත්තාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඔහුට අයත් සමාගමක කොටස් වංචනික ලෙස අලෙවි කොට රුපියල් මිලියන 21ක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් එම ආයෝජකයා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි පවරා ඇති නඩුව ලබන මාර්තු මස 16 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (16) තීරණය කර තිබේ.
මෙරට ආයෝජකයෙකු වූ ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රැයන ශෙඩීක් නැමැත්තා සිය ආයෝජන හවුල් කරුවා ලෙස උදය ගම්මන්පිල මහතාව තෝරාගෙන තිබූ අතර ඉන් වංචනික ලෙස ප්‍රයෝජන ගත් ගම්මන්පිල මහතා මෙම කටයුත්ත සිදුකර ඇතැයි ඔහු පවසයි.
ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා ඔහුට හා ඔහුගේ බිරිඳට ලබන 30වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසද පසුගිය 05වනදා අධිකරණය නියෝග කළේය.
Add Comment