SRILANKAN NEWS

ඕමන්ත හමුදා මුරපොල පිහිටා තිබූ ජනතා ඉඩම් නිදහස් කරයි..

වව්නියාව, ඕමන්ත හමුදා මුරපොල පිහිටා තිබූ ජනතාවට අයත් ඉඩම ඊයේ (17) දින හමුදාව විසින් නිදහස් කර තිබේ. ඉකුත් ඉඩම හමුදාව විසින්, දිස්ත්‍රික්ක දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතා වෙත භාරදී තිබේ.

යුද්දය පැවැති කාලයේ විශේෂිත මුරපොළක් ලෙස හැඳින්වූ ඕමන්තේ මුරපොළ 2002 මාර්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මකවුණි. යුද සමයේ ඕමන්තේ හමුදා මුර පොළක්ද ඊට ඈතින් කොටි සංවිධානයේ මුර පොළක්ද තිබිණි. මෙම මුරපොළවල ෆෝම් පුරවා අනන්‍යතාවය ඔප්පුකර උතුරට යෑමට කටයුතු සකසා තිබුනේය. හමුදාවට අයත් එම මුරපොළ පවුල් 21කට අයත් අක්කර 24ක ඉඩම් ප්‍රමාණයකදී ඉදිකර තිබුණි.

මෙවැනි තත්වයකදී හමුදාව විසින් අක්කර දෙකක ඉඩම් ප්‍රමාණයක් තම යටතේ තබාගෙන අක්කර 22ක ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර තිබේ.