WORLD NEWS

ශ්‍රී ලාංකික සංක‍්‍රමිකයකුව පිටුවහල් කිරීමට කැනඩාව තීරණය කරයි..

ශ්‍රී ලාංකික සංක‍්‍රමිකයකුව රටින් පිටුවහල් කිරීමට කැනඩාව තීරණය කර ඇති බව වාර්තාවේ. කැනඩා පුරවැසිභාවය හිමි මාණික්කවාසගම් සුරේෂ් නැමැත්තා කැනඩානු අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්‍ෂේප කර තිබේ.

පසුගිය දශක දෙකකට පෙර සිට තමන්ව රටින් පිටුවහල් නොකළ යුතු යැයි සුරේෂ් කළ අභියාචනය කැනඩානු අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. මානික්කවාසකම් සුරේෂ් කැනඩාවේ සිට කොටි සංවිධානයට අරමුදල් සැපයා ඇති බවත්, යුද අපරාධ ක්‍රියාවලට සම්බන්‍ධකම් ඇතයි චෝදනා මත ඔහුගේ පුරවැසි ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් ඔහු ස්වේච්ඡාවෙන්ම මුදල් එක්රැස් කර ඇති බවට විනිසුරු රිච්චර්ඩ් මෝස්ලි චෝදනා කර තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔහුව 1990 දී කැනඩාවට එවා ඇති බවත්, කැනඩාවේ ලෝක දෙමළ සංවිධානයේ සම සම්බන්ධීකාරකවරයා වශයෙන් හිඳිමින් එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් සැපයීමේ කටයුතු වල නිරතවූ බවට චෝදනා කර තිබේ.

1995 වසරේදී කැනඩා පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත් අතර, 2015 වසරේදී පැවති නඩු විභාගයකදී ඔහුව රටින් පිටුවහල් කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණි. එම නියෝගයට එරෙහිව සුරේෂ් යළි අභියාචනයක් ගොනු කර ද තිබුණි.