නන්දිකඩාල් ප්‍රදේශය නිදහස් කරන්න බැහැ – හමුදාව

නන්දිකඩාල් ප්‍රදේශය නිදහස් කිරීමට නොහැකි බව හමුදාව පවසා තිබේ. ඉකුත් ප්‍රදේශය සිය හමුදා කටයුතුවලට අවශ්‍ය බවත්, එලෙස අත්පත් කර ඇති ඉඩම් වෙනුවෙන් වෙනත් ඉඩම් ලබා දෙන බවද හමුදාව පවසා තිබේ.

තවද මුල්ලතිව් කේප්පාපිලවු ප්‍රදේශයේ කොටසක් ලබන 25 වනදා නිදහස් කරන බව පවසා තිබේ. කේප්පාපිලවු ග්‍රාම සංවර්ධන සංගමය සහ ප්‍රදේශයේ ප්‍රමුඛයන් කිහිප දෙනෙකුව පසුගිය සඳුදා දින හමුවූ හමුදාව මේ බව පවසා තිබේ. එම ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුර ඉවත් කිරීමෙන් අනතුරුව ඉකුත් ඉඩම් යළි ජනතාවට භාර දෙන බවද පවසා තිබේ.

ඊළාම් යුද්දයේ අවසන් ගැටුමදී නන්දිකඩාල් ප්‍රදේශය ප්‍රසිද්ධවූ ප්‍රදේශයකි. විශේෂයෙන් කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගේ මළසිරුර හමුවුණේ නන්දිකඩාල් ප්‍රදේශයේදී බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top