මැදගම ප්‍රදේශයේ බැංකු කොල්ලයක්

මොණරාගල, මැදගම ප්‍රදේශයේ රජයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රය බිඳ එහි තිබූ මුදල් රුපියල් පනස් හත් ලක්ෂ හැත්තෑ පන්දහස් අට සීයක (රු. 5,775,800) මුදලක් කොල්ල කා ඇති බව වාර්තා වේ.

බැංකුවේ කම්කරු සේවකයින් ඊයේ (22) දිනයේ ශුද්ධ පවිත්‍ර කිරීමට පැමිණීමෙන් පසු සිද්ධිය දැක ඇති අතර ඉන් පසු පොලීසියට පැමිණිලි කර ඇති බවත් පොලීසිය පවසයි.

ඒ අනුව සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු මෙවන් කොල්ලකෑමක් සිදුව ඇති බව තහවුරු කරගෙන ඇති අතර ඉකුත් 20වන දා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවත් අනාවරණට කරගෙන ඇත.

සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top