මුල්ලතිව් ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකින් සිසුන් 39ක් සහ ගුරුවරුන් 7ක් රෝහලට

අද පෙරවරු 11.30ට පමණ මුල්ලතිව් විස්වමඩු මහා විද්‍යාලයට හා විසුවනාදර් ප්‍රාථමික පාසලේ ගුරුවරුන් හත් දෙනෙකුට හා සිසුන් 39 දෙනෙකුට එල්ලවූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් දර්මපුරම් රෝහලට ඇතුලත් කර තිබේ.

එහිදී බරපතල ලෙස තුවාල ලැබූ ප්‍රාථමික පාසලේ සිසුන් දෙදෙනෙකුව කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ. බඹර ප‍්‍රහාරය හේතුවෙන් ඉකුත් පාසල් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top