SRILANKAN NEWS

අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන විරෝධතාවය අද තෙවන දිනටත්..

පැහැරගෙන යෑම, අත්අඩංගුවට ගැනීම, හා හමුදාවට භාරවීමෙන් අතුරුදන්වූ සිය ඥාතීන් පිළිබඳ තොරතුරු හෙළිකරන්නැයි අවධාරණය කර අද තෙවන දිනටත් අතුරුදන්වූවන්ගේ ඥාතින් උපවාසයේ නිරතව සිටිති.

වව්නියාව තැපැත් කාර්‍යාලය අසල පසුගියදා ආරම්භ කළ මාරාන්තික උපවාසයට අද දින වව්නියාවේ තරුණයන් ද සහාය ලබාදීමට තීරණය කර ඇති බව පැවසේ. අයහපත් කාල ගුණික තත්වයද නොතකා උපවාසයේ නිරතව සිටින එම පිරිසට විදුලි පහසුකම් සපයා දෙන ඉල්ලා සිටි නමුත් එයද ලබාදි නොමැති බව වාර්තාවේ.

මේ අතර, බුද්ධි අංශයේ තර්ජනය ද එල්ලවන අතර, ඊයේ සවස පැමිණි පොලිසිය උපවාසයේ නිරතවන පුද්ගලයන්ගේ තොරතුරු ද එක්රැස් කරගෙන ගිය බව පැවැසේ.

යුද්දය අවසන් වී වසර අටක් ගතවූ නමුත් මෙතෙක් තම ඥාතින් පිළිබඳව කිසිඳු තොරතුරක් රජය නිකුත් නොකිරීම හේතුවෙන්, මිට පෙරද අවස්ථා ගණනාවක් විරෝධතා පවත්වා, පෙත්සම් භාරදුන් නමුත් කිසිඳු විසඳුමක් නොලැබීමෙන් මෙම ජනතාව මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පැවැසේ.