වව්නියාවේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන ගිය මාරාන්තික උපවාසය අවසන් කර ඇති බව වාර්තාවේ.
අද (26) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා උපවාසයේ නිරතවූ උපවාසකරුවන් සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව ලිඛිත පොරොන්දු ලබාදීමෙන් ඉකුත් උපවාසය අවසන් කළ බව පැවැසේ.
ලබන 9 වනදා අරලියගහ මන්දිරයදී උපවාසයේ නිරතවූවන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජාවක් පැවැත්වීමට පොරොන්දු ලබාදීමෙන් අනතුරුව අතුරුදහන්වූන්ගේ ඥාතීහු උපවාසය අවසන් කර තිබේ.
නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක , අධිකරණ හ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමඟ උපවාසකරුවන්ට සාකච්ජාවක් ලබාදීමට නියමිත බව ද රුවන් විජයවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
ආරක්ෂක අංශ විසින් අතුරුදහන් කරනු ලැබුවන් පිළිබද තොරතුරු හෙළි කරන ලෙසත් සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් වව්නියාවේදී පසුගිය (23) සඳුදා දින සිට අතුරුදන්වූවන්ගේ ඥාතින් විසින් මෙලෙස මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණි.
Add Comment