සටන් කළ යුත්තේ රට ගොඩනැඟීමටය – ජනපති

අද අප සියලුදෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනඟමින් ජනතා ගැටලු විසඳීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (28) පෙරවරුවේ පැවැති මොනරාගල කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ඇතැමුන් බලය ඉල්ලා සටන් කළ ද 2020 න් පසුව එන මැතිවරණයකදී ජනතා තීන්දුව අනුව මිස ඊට පෙර දේශපාලන බලය පිළිබඳ සිතීමටවත් කිසිවෙකුට නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

මැතිවරණ සමයක දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් කළ ද ජනතා කැමැත්තෙන් පත්වූ නව රජයක් ඉදිරි සැලසුම් සමඟ රට ඉදිරියට ගෙන යන විට පටු දේශපාලන අරමුණු පසෙකලා එම වැඩපිළිවෙළට සහය දැක්වීම රටට ආදරය කරන සියලු දේශපාලනඥයින්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top