කරුණා අම්මාන්ව වීරයෙක් කලේ මහින්ද – සරත් ෆොන්සේකා

ප්‍රබාකරන්ගෙන් ජීවිතය බේරගන්නා කොටි සංවිධානයෙන් පැනපු කරුණා අම්මාන්ව වීරයෙක් කලේ මහින්ද රාජපක්ෂ බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ (28) පස්වරුවේ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඉකුත්දා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් අමාාත්‍යවරයා මේ බව පවසා තිබේ.

කොටි සංවිධානයේ හිටපු ප්‍රධනා පෙල නායකයකු වූ කරුණා අම්මාන් ඉකුත් රැළිය ඇමතීම සම්බන්‍ධයෙන් අමාත්‍යවරයා පවසා සිටියේ, “කරුණා අම්මාන් කියන්නේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ රැඳෙන්න බැරිව..එතනදීත් දූෂිත ගණුදෙනුවලට හසු වෙලා..ප්‍රභාකරන්ගෙන් ජීවිතය බේරගන්න පැනපු මිනිහෙක්. ප්‍රභාකරන් එක්ක එකට ජීවත් වුණු මිහිහෙක් හැටියට ඔය මිනිහා ප්‍රභාකරන්ගේ ගෙදර තිබිච්ච තැනවත් අපිට කියලා තිබුණෙ නැහැ. අපේ හමුදාව තමයි පුදුකුඩිඉරිප්පුවලින් ගෙදර හොයා ගත්තේ. එයාව වීරයෙක් කලේ මහින්ද රාජපක්ෂ.” යනුවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top