ත්‍රිකුණාමලය මුහුදේ දියනෑමට ගිය තරුණයන් 2ක් අතුරුදහන්

ත්‍රිකුණාමලය, උප්පුවේලි, ඇලස්වත්ත ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනකු අතුරුදහන් වී තිබේ. පිරිසක් සමඟ දියනාමින් සිටියදී අදාළ තරුණයින් දෙදෙනො දියේ ගිළී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ ත්‍රිකුණාමලය, දේවනගර, පුලියම්කුලම් ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු බව පැවැසේ. අතුරුදන්වූවන් සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මේ වන විට මෙහෙයුම් සිදු කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය, උප්පුවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top