යාපනයේදී වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය අරසඩි මංසන්ධියේ පිහිටි වෙළඳසැලකට යතුරුපැදි වලින් පැමිණි කඩු කිනිසි ගත් තරුණයන් පිරිසක් පෙට්‍රල් බෝම්බ වලින් දමා ගසා දෙදෙනෙකුට කඩු පහර දී පලා ගොස් ඇතැයි වාර්තාවේ.

අරසඩි මංසන්ධියේ ඊයේ සඳුදා දින රාත්‍රී 7ට පමණ යතුරුපැදි තුනකින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් තරුණයන් පිරිසක් එහි වෙළඳසැලක් ඉදිරිපිට සිටි පුද්ගලයන්ට කඩුවලින් පහරදීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ එම දෙදෙනා යාපන මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරුව වෙළඳසැලේ දොරටුව අසලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔවුන් පලා ගොස් තිබේ. පෙට්‍රල් බොම්බ ප්‍රහාරයෙන් වෙළඳසැලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර වෙළඳසැලේ ඇති වූ ගින්න ප්‍රදේශවාසීන් සහ යාපනය නගර සභාවේ ගිනිනිවන ඒකකය විසින් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.

මේ අතර මෙම පහරදීමේ සිද්ධිය ඉකුත් වෙළඳසැලේ සවිකර තිබූ කැමරාවේ පටිගතවී තිබේ. යාපනය පොලිසිය විසින් සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top