SRILANKAN NEWS

සියලු ජනතාව එක් කර ගනිමින් එකම රටක් ලෙස ඉදිරියට ගෙනයාම රජයේ අරමුණයි – ජනපති

සියලු ජනතාව එක් කර ගනිමින් එකම රටක් ලෙස රට ඉදිරියට ගෙනයාම තම රජයේ අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (01) මඩකලපුව කලවංචිකුඩි මූලික රෝහලේ නව බාහිර ප‍්‍රතිකාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.

රට තුළ තහවුරු වී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස උපයෝගී කර ගනිමින් රජයට කොපමණ විවේචන එල්ල කළ ද එම විවේචන ශක්තියක් කර ගනිමින් රට ගොඩනැගීමේ වගකීම නිසි ලෙසම ඉටුකරන බවත්, රට නොබෙදෙන අයුරින් සංහිඳියාව ශක්තිමත් කර බලය බෙදීම සඳහා රජය කැපවී සිටින අතර ඒ පිළිබඳ මූලික කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමට බලාපොරොත්තුවන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.