යාපනයේදී මිනිස් දැම්වැල් විරෝධතාවක්

යාපනයේදී මිනිස් දැම්වැල් විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය වටා මෙම මිනිස් දැම්වැල් විරෝධතාව පවත්වන බවත්, යාපනයේ හමුදා අවශ්‍යතා සඳහා ඉඩම් වැඩි ප්‍රමාණයක් පවරා ගැනීමේ වැඩපිළිවලට එරෙහිව මෙලෙස විරෝධතාවය පළ කරන බවද හෙතෙම පවසා තිබේ.

මෙම විරෝධතාවයට උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්, දේශපාලන ප්‍රධානීන්, සිවිල් ක්‍රියාකරුවන් ඇතුළු ජනතාව ද සහභාගිවීමට නියමිත බව ද හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top