SRILANKAN NEWS

මව්පියන්ගේ ජීවිතයට අනතුරක් සිදුවුනොත් රජය වගකීම භාරගත යුතුයි

කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක නිරතව සිටින තම දෙමව්පියන්ගේ ජීවිතවලට අනතුරක් සිදුවුයේ නම් එහි වගකීම ශ්‍රී ලංකා රජය භාරගත යුතු යැයි විරෝධතාකරුවන්ගේ දරුවන් පවසති.

මේ අතර, විරෝධතාවයෙහි නිරතවන ජනතාවගේ දරුවන් පාසල් නොගොස් තම දෙමව්පියන් සමඟ විරෝධතාවයට එක්වී තිබේ.

පසුගිය වසර අටක කාලයක් ගුවන් හමුදාව රැඳී සිටින කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශයේ පවුල් 84කට අයත් අක්කර 20ක ඉඩම් සහ ගොවිබිම් නිදහස් කරන්නැයි ඉල්ලා මෙලෙස එම ජනතාව විරෝධතාවයෙහි නිරතව සිටිති.