තමා රුසියාවට පැන ගියා යැයි කියන පුවතයෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව “සයිටම්” පෞද්ගලික රෝහලේ විධායක අධ්යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතා පවසයි.
රුසියාවට ගොස් සිටින සමීර සේනාරත්න විසින් කොළඹ මාධ්‍යකට දුරකථනය මඟින් මේ බව පවසා තිබේ.
“මම රුසියාවට ගියේ තනිවම නොවේ “සයිටම්” එකේ තවත් කීප දෙනෙකුත් මා සමග පැමිණියා. මෙම ගමන කලින් යොදාගත් එකක්. සිද්ධියෙන් පස්සේ මම රුසියාවට පැනලා ගිය බවට විරුද්ධවාදීන් ප්‍රචාරය කරනවා.
රුසියාවට යැම සඳහා මා කටුනායක ගුවන්තොටුපළට එනතෙක් මට මුල්ලේරියාව පොලිසියෙන් ආරක්ෂාවත් සලසා දුන්නා.
මිනිහෙක් කරදරයකට පත්වුණාට පස්සේ මඩ ගහනවා. නොයෙකුත් දේවල් කියනවා. සමාජය ගැන පුදුම කනගාටුවක් දැනෙනවා. රුසියාවට ගිය රාජකාරිය අවසන් කරලා තව දින කිහිපයකින් අපි ශ්‍රී ලංකාවට එනවා. ඕනෑම පොලිස් පරීක්ෂණයකට මුහුණ දෙනවා.“ යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment