කිලිනොච්චිය ඉරණමඩු කනකාම්බිකයි අම්මන් කෝවිල අභියස විශාල විහාරස්ථානයක් ඉදිකිරීම, කෝවිලේ තෙවන මාර්ගය අවහිර කරමින් විහාරස්ථානය සඳහා තාප්පයක් ඉදිකිරිම වැනි කටයුතු හෙළාදැක ලබන මස 7 වන දා කිලිනොච්චිය දිස්ත්‍රික්ක මට්ටමින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
13-08-2016 දින කිලිනොච්චිය සමූපකාර ශාලාවේදී දෙමළ ජාතික ජනතා පෙරමුණ පැවැත්වූ රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඉරණමඩු කනකාම්බිකයි අම්මන් කෝවිලට අයත් තෙවන මාර්ගය අවහිර කරමින් හමුදාව බෞද්ධ විහාරස්ථානය සඳහා තාප්පයක් ඉදිකරන අතර, කෝවිලට අසල විශාල විහාරස්ථානයක් ද ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
එයිතිහාසික කෝවිලක් අසල මෙලෙස විහාරස්ථානයක් ඉදි කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අතෘප්තිය පළකර තිබේ. මේ සම්බන්ධයෙන් පුවත් පළවීමෙන් විවිද මට්ටමින් විරෝධය එල්ලවී තිබේ. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් නොව උතුර නැගෙනහිර පළාත්වල පිහිටි එයිතිහාසික හින්දු කෝවිල් අභියස මෙලෙස විහාරස්ථාන ඉදිකිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතියි.
එමෙන් එයට විරෝධය පළ කිරීමේ අරමුණින් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් විවෘත සාකච්ඡාවකට ඇරයුම් කර තිබුණි. එහිදී කිලිනොච්චිය දිස්ත්‍රික්කය මට්ටමින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට තීරණය කළ අතර, එය ලබන සැප්තැම්බර් මස 7 වන දින පැවැත්වීමට තීරණය කර තිබේ.
සැලසුම් සහගත සිංහලීකරණයට එරෙහිව සියළු සංවිධාන, පොදු ජනතාව එක්ව ඉරණමඩු අම්මන් කෝවිලේ සිට කිලිනොච්චිය දිස්ත්‍රික්ක කාර්යාල දක්වා පාගමනින් ගොස් විරෝධය පළ කිරීමට තීරණය කර තිබේ.
මෙම සාකච්ඡා අවස්ථාවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මු. චන්ද්‍රකුමාර්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ගජේන්ද්‍රන් ඇතුළු නීතීඥවරුන් සහ පොදු සංවිධානවල නියෝජිතයන්ද සහභාගිවූහ.
Add Comment