ට්‍රම්ප්ගේ ජාතික ආරක්‍ෂක උපදේශකවරයා ඉල්ලා අස්වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කළ මයිකල් ෆ්ලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. රුසියානු තානාපතිවරයා සහ ඔහු අතර පැවති සබඳතාව පිළිබඳ අසත්‍ය තොරතුරු ධවල මන්දිරයේ නිලධාරීන් වෙත ලබා දුන් බවට එල්ලවූ චෝදනාවලින් අනතුරුව ඔහු මෙලෙස ඉල්ලා අස්වී තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ දිවුරුම් දීමට පෙර ඇමරිකාව විසින් රුසියාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම පිළිබඳව ඇමරිකාවේ නීතියට පටහැනි ලෙස මයිකල් ෆ්ලින් රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවට චෝදනා එල්ලවී තිබීම විශේෂත්වයකි.

මේ අතර, ඇමරිකාවේ වැඩබලන ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස ජෙනරාල් කීත් කෙලොග් පත්කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top