මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය නීතිගත කිරීමේ දිසාවට ගමන් කරවමින් අධ්‍යාපන බලධාරීන් සමග වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු පැවති සාකච්ඡාවකදී පැමිණියායැයි පැවසෙන එකඟතාවයට වෛද්‍ය පීඨ 4ක පීඨාධිපතිවරු සිය විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
එහි සාකච්ඡාවේදී එකඟතාවයට පැමිණ ඇතැයි පැවසෙන සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම මාස 06ක් යනතුරු අත්හිටුවිය යුතු බවට වූ කොන්දේසිය සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක් බවත් එම ආයතනයට සිසුන් බඳවා ගනු ලබන්නේ මාස 06කට වරක් බවත් ජනවාරි මාසයේ සිසුන් බඳවාගෙන ඇති බැවින් නැවත සිසුන් බඳවා ගනු ලබන්නේ මාස 06කින් බවත් සයිටම් විරෝධී සටනේ පසුවන සියළුම පාර්ශව අවධාරණය කරයි.
එමෙන්ම මාස කිහිපයක් එම සිසුන්ට රජයේ රෝහල්වල පුහුණුව ලබාදීම යන කරුණද මුළුමනින්ම නීතිවිරෝධී බවත් සයිටම් ආයතනය අහෝසි කරනතුරු තම සටන දිගටම ගෙන යන බවත් ඔවූහු ප්‍රකාශ කරති.
වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රතිචාර එම පීඨාධිපතිවරු විසින් සිදු කළ යුතු බවත් ඔවුන්ද මේ වනවිට ආණ්ඩුව ප්‍රෝඩාකාරී ලෙස යන සයිටම් නීතිගත කිරීමේ කූඨ කටයුත්තේ කොටස් කරුවන් වී ඇත්දැයි සමාජය තුළ සැකයක් මතුව ඇති බවත් සයිටම් වීරෝධී සටනේ පාර්ශව ගණනාවක් අදහස් දක්වමින් පැවසීය.
මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ උසස් අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු බලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී එකතාවයකට පැමිණ ඇත්තේ කොලඹ, රාගම, ජයවර්ධනපුර සහ කරාපිටිය වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු පමණක් බවත්, පේරාදෙණිය, රජරට, යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලවලට අනුබද්ධ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු ඊට විරෝධය පල කර ඇති බවත්ය.
– lankatruth
Add Comment