සයිටම් ආයතනයේ ප්‍රමිතිය හා එම ගැටලු විසඳීම පිළිබද වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් තමාට ලබාදීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ වෛද්‍ය පීඨාධිපතිවරුන් අතර පැවැති සාකච්ඡාවේදී ඊයේ (15) මේ එකඟතාව පළකර ඇත.
“සයිටම්” ආයතනය පිළිබඳ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සමඟ මම අද දහවල් විශේෂ සාකචිඡාවක් පැවැත්වූවා. එහිදී “සයිටම්” ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර, මෙම ආයතනයේ ප්‍රමිතිය පිළිබඳව ද සාකච්ඡා කෙරුණා. එම කරුණු දෙක පිළිබඳ වෛද්‍ය පීඨ පිඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් මට ලබාදීමට ඔවුන් පොරොන්දු වුනා. මෙම ප්‍රශ්ණය විසඳීම සඳහා අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබනවා. ලබන සිකුරාදා දහවල් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිගෙන තිබෙනවා. මෙරට විශ්වවිද්‍යාල සමතුන්ගෙන් සියයට 17 ක් සරසවි අධ්‍යාපන වරම් හිමිකර ගන්නවා. සියයට 83 කට සරසවි වරම් හිමිවන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් දොරගුලු විවෘත කළ යුතුයි. ඒ සදහා කුලියාපිටිය ප්‍රදේශයේ වෛද්‍ය පීඨයක් ඉදිකරන අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පුළුල් කිරීමට ද කටයුතු කරනවා“ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment